ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව සියයට 75ක් ලෙස වාර්තා වන විට, රටේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද සියයට 76කින් ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
රටේ උද්ධමන වේගය ඉහළ යමින් පවතින බවත්, මෙම ක්‍රමයට කටයුතු කළහොත් දෙසැම්බර් වන විට උද්ධමනයද සියයට 75 දක්වා ළඟා විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. රටේ වත්මන් තත්ත්වය යහපත් යැයි පවසන ආණ්ඩුවට දැන් කළ යුත්තේ පළාත් සභා මැතිවරණය පවත්වා ජයග්‍රහණය කිරීම පමණක් බවද මන්ත්‍රීවරයා व्यංග්‍යාත්මකව සඳහන් කර ඇත.














