මෙම වසරේ (2026) ගත වූ මුල් මාස 06 තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජනවාරි 01 වැනි දින සිට ජුනි 30 වැනි දින දක්වා කාලය තුළ ලැබී ඇති මෙම පැමිණිලි අතර ළමුන් ක්‍රෑරත්වයට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 60ක් සහ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 213ක් වන බව සඳහන්ය.
මේ අතර, 2015 – 2025 දක්වා වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. අප්‍රේල් 30 වනවිට මහාධිකරණයේ නඩු 4,421ක් විභාග වෙමින් පවතින බවත්, වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














