මැගසින් බන්ධනාගාරයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ, එහි රිමාන්ඩ් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ (එ.ජා.ප.) උපනායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එ.ජා.ප. මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමාට සහ එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතාට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙසද එම ලිපිය මඟින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.














