• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ඇලරික්ස් අයිස් ක්‍රීම් SLIM Brand Excellence සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

19 December 2022
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඇලරික්ස් අයිස් ක්‍රීම් පසුගියදා පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’ කාණ්ඩ වල රන් සම්මාන දිනාගැනීමට සමත් විය.

මෑතකදී ඇලරික්ස් සන්නාමය මෙන්ම නිෂ්පාදන එකතුවද නැවුම් වෙනසකට ලක්කරන ලද අතර, ඊට සමගාමීව උසස් ප්‍රමිතියෙන් යුත් අයිස් ක්‍රීම් නිෂ්පාදන පෙළක් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය සමග ශීත කළ පැණිරස ආහාරපාන වර්ග පරිභෝජනය අතිශයින් සීමා වීම මෙන්ම ආර්ථික හා සැපයුම් දුෂ්කරතා ඇතුළු නොයෙක් අභියෝග හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට විශාල බලපෑමක් එල්ල විය. එම බලපෑම් වලින් මිදීම සඳහා නැවුම් ප්‍රවේශයක් සහ සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපායක් අනුගමනය කරමින් යළිත් වෙළඳපොළට තම නිෂ්පාදන හඳුන්වා දී, අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුළ තම නිෂ්පාදන සඳහා පැවති ආදරය හා ආශාව නැවත කුළුගැන්වීමට ඇලරික්ස් සමත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලරික්ස් ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ද සිල්වා මහතා, ඇලරික්ස් සමාගමටම ආවේණික වූ වට්ටෝරු සමග ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින්, එහෙත් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙමින්, ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලයත් ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාමත් ලබාදුන් දායකත්වය බෙහෙවින් අගය කළේ ය.

දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අයිස් ක්‍රීම් නිපදවමින් ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට ජනාදරය දිනාගත් ආකාරය ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීය වේ. Ceylon Vanilla, Coconut and Jaggery, Cinnamon සහ Passion Fruit Pavlova ඇතුළු රස රැසක් මේ ආකාරයට වෙළඳපොළට හඳුන්වා දී ඇත. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ගේ දිවට හුරු Pineapple & Chilli, Strawberry & Lime සහ Mango & Passion Fruit වැනි රස සහිත නැවුම් පලතුරු පොප්සිකල් නිෂ්පාදන පෙළක්ද මේ වනවිට ඇලරික්ස් සන්නාමයෙන් වෙළඳපොළට පැමිණ තිබේ. මේ ආකාරයට ස්වාභාවික පලතුරු පල්ප් සහිත පලතුරු පොප්සිකල් පෙළක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ පලතුරු පොප්සිකල් වෙළඳපොළේ සැබෑ පෙරළියක් සිදුකිරීමට ඇලරික්ස් සමත් විය.

අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ රසය, නැවුම් බව සහ උසස් තත්ත්වය සුරැකෙන ආකාරයට නිෂ්පාදන සිදුකිරීම ඇලරික්ස් හි මූලික අරමුණ වේ. එමෙන්ම දේශීය කිරි ගොවීන්ට අත්වැලක් වීමටද ඇලරික්ස් සෑම විටම උත්සාහ කරයි. මෙම උත්සාහය ඔස්සේ කිරි ගොවීන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගනිමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටීමට දායක වෙමින්, සමස්තයක් ලෙස සමාජයට කැපීපෙනෙන යහපතක් සිදුකිරීමට ඇලරික්ස් සමත් වී ඇත.

UberEats සහ Pickme Food වැනි මාර්ගගත සේවාවන් හරහා ඇලරික්ස් නිෂ්පාදන තම නිවෙසටම ගෙන්වා ගැනීමට මේ වනවිට බොහෝ පාරිභෝගිකයෝ පෙළඹී සිටිති. ඊට අමතරව බස්නාහිර පළාතේ සහ ඉන් පිටත නගර කිහිපයක සියලුම සුපිරි වෙළඳසැල් වෙතින් මේ වනවිට ඇලරික්ස් නිෂ්පාදන මිලදී ගත හැකි වේ. නව වසරක උදාව ආසන්නයේ හිමි වූ මෙම සම්මාන දෙක, බාධක ජයගනිමින් තවතවත් ඉදිරියට යාමට ඇලරික්ස් සන්නාමය දිරිගන්වනු ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ අතීත මතක අවදි කරමින්, වර්තමානයට හා අනාගතයට ගැළපෙන රස රැසක් ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට ඇලරික්ස් කටයුතු කරනු ඇත.

පිටපත- PR

Post Views: 7
Previous Post

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය එළැඹෙන 21 වනදා

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය පත් කිරීමට ප්‍රංශ රජයේ සහාය – මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය පත් කිරීමට ප්‍රංශ රජයේ සහාය - මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved