27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය පත් කිරීමට ප්‍රංශ රජයේ සහාය – මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන්

ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහය වෙමින් මෙම දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සහතික වු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසු‌වේ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා සමඟ අද (19) මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙසයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වයන් සහ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ගත යුතු ප්‍රත්‍යක්ෂ පියවර මොනවාද යන්න ද මෙහිදී සාකච්ඡා කරන ලදී. IMF වැඩසටහන යටතේ ඉදිරියේ දී බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් බලාපොරොත්තු වන සහායන් පිළිබඳව දෙපාර්ශවයම තම අදහස් හුවමාරු කර ගන්නා ලදී.

“2023 ජනවාරි වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා රජය සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරමින් සිටී” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශක Jean Alexandre Egea, දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී Aurélien Maillet මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *