දුම්රිය ධාවනය ප්‍රමාද වීමේ සිද්ධියක් මුල් කරගනිමින් අලව්ව දුම්රිය ස්ථානයේ දේපොළවලට අලාභහානි සිදුකළ දුම්රිය මගියෙකු අද (19) රාත්‍රියේ අලව්ව දුම්රිය ස්ථානයේදී ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක රැඳී සිටියදී හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සඳුදා (15) අලව්ව දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊට පසුපසින් පැමිණි දුම්රිය මඟින් එය ඉදිරියට තල්ලු කරගෙන යාමට සිදුවූ අතර, එම ප්‍රමාදය නිසා කෝපයට පත් මඟීන් පිරිසක් දුම්රිය ස්ථානාධිපති ඇතුළු කාර්යමණ්ඩලයට දෝෂාරෝපණය කර තිබුණි. එම අවස්ථාවේදී අදාළ සැකකාර මගියා දුම්රිය ස්ථානයේ දේපොළවලට ද හානි සිදුකර ඇති අතර, අලව්ව දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් දුම්රිය ආරක්ෂක අංශ හා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව අලව්ව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
















