ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය හේතුවෙන් 2025 වසරේදී ඇති වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙයි.
එම වසර තුළ මත්පැන් බදු මඟින් රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 254ක් පමණ වන අතර, ඒ අනුව මත්පැන් නිසා සිදුවූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය බදු ආදායම මෙන් රුපියල් බිලියන 81කින් ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම MOVENDI International, UNDP සහ WHO ආයතනවල දායකත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනයක දත්ත මත මෙම වාර්තාව සකස් කර ඇත.














