දිවයිනේ ප්‍රදේශ රැසක යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, වෙළඳපොලේ තමන්ට ලැබෙන වී මිල ප්‍රමාණවත් නොවන බවට ගොවි ජනතාවගෙන් තවදුරටත් දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් වත්මන් වෙළඳපොළ මිල යටතේ වී අස්වැණ අළෙවි කිරීමේදී තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපාන බව ගොවීහු පෙන්වා දෙති.














