නවදිල්ලි නුවර පැවති බැඩ්මින්ටන් ලෝක ශූරතා තරඟාවලියේ පුරුෂ ඒකල අවසන් මහා තරඟයේදී ජපානයේ කොඩායි නාරෝකා පරාජය කරමින්, එම ශූරතාව දිනාගත් ප්‍රථම ප්‍රංශ ක්‍රීඩකයා වීමට ඇලෙක්ස් ලැනියර් සමත් වූ බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
මිනිත්තු 50 කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරඟයේදී ප්‍රතිවාදියා ලකුණු 21-11 සහ 21-11ක් ලෙස ඉතා පහසුවෙන් පරාජය කිරීමට 21 හැවිරිදි ලැනියර් සම විය. මීට අමතරව, කාන්තා ඒකල ශූරතාව දකුණු කොරියාවේ ආන් සේ-යොං විසින් දිනාගත් අතර, මිශ්‍ර යුගල ශූරතාව දිනාගනිමින් තෝම් ගික්වෙල් සහ ඩෙල්ෆින් ඩෙල්රු ද ඉතිහාසයට එක්විය.
















