අලුත්ගම ගනේගම පුරාණ විහාරය අසල දුම්රිය හරස් මාර්ගයේදී මරදානේ සිට ධාවනය වූ “සාගරිකා” දුම්රියක් ත්රිරෝද රථයක් සමඟ ගැටීමෙන් ත්රිරෝද රථයේ රියදුරු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් තුවාල ලැබූ මගියා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරක්ෂිත ගේට්ටුවක් නොමැතිව අනතුරුදායක ලෙස පවතින මෙම හරස් මාර්ගය හේතුවෙන් ප්රදේශවාසීන් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක ද නිරත විය. පසුව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අදාළ ගැටලු විසඳීමට පියවර ගන්නා බවට ලබා දුන් සහතිකයකින් අනතුරුව විරෝධතාව අත්හිටුවා ඇති අතර, මේ වන විට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇත.
















