සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සද්ධර්ම දේශනාවක් කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පසුගියදා (18දා) පැවැත්විණි. බොරැල්ලේ අතුලදස්සන විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර මහා නිකායේ සද්ධර්ම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල නාහිමියන් විසින් මෙම සද්ධර්ම දේශනාව පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
සම්මේලනයේ සභාපතිනි ශෂිනි කෞෂල්‍යා, උපසභාපති මිනද භාෂණ, හිටපු සභාපති සචින් ඩයස් ඇතුළු යාවජීව හා වත්මන් සාමාජිකයන් රාශියක් මීට එක්ව සිටි බව වාර්තා වේ.
















