කොළඹ සිට පුත්තලම බලා ගමන්ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියැදුරා හලාවත රෝහලට යොමු කර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු මත්ද්‍රව්‍ය වර්ග තුනක් සහ මත්පෙති පානය කර සිටි බවට තහවුරු වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. අයිස්, හෙරොයින්, ගංජා යන මත්ද්‍රව්‍ය මෙන්ම මත් පෙති වර්ගයක්ද ඔහු පානය කර ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි මෙම බස් රථය සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් නතර කර පරීක්ෂා කර ඇති අතර, පසුව රියැදුරා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනාවරණය කරගෙන තිබේ.
















