• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නොවැම්බර්ට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

26 August 2021
in දේශීය

ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද(26) පෙරවරුවේ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියුබානු තානාපතිවරයාට පැවසීය.

ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්,දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරු වැඩසටහනක් සදහාද අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා මේ වසර අවසාන වනවිට කියුබානු සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කීය.මේ වන විට එරට 100% ක් භාවිතයට ගෙන ඇත්තේ කියුබානු නිෂ්පාදිත එන්නත් බවත් , ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් අනතුරුව වෙනත් රටවලටද කියුබානු එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා පැවසීය.

එරට විදේශ විනිමය අතුරින් වෛද්‍ය උපකරණ,සෞඛ්‍ය සේවාවන් ඉහළ විනිමයක් ලබා දෙන බවද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අතර එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි බවත් ඒ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් වලින් කියැවිණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක් විය.

 

Post Views: 9
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි බව ඇමැති කෙහෙලිය කියයි

Next Post

උපන් දිනයදා මිලියනයක උපකරණ කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් පරිත්‍යාග කළ තරුණයා රටටම ආදර්ශයක් -රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී

editor

editor

Next Post

උපන් දිනයදා මිලියනයක උපකරණ කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් පරිත්‍යාග කළ තරුණයා රටටම ආදර්ශයක් -රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved