27 April 2024
#දේශීය

දිවයිනේ සියළුම කෞතුකාගාර තාවකාලිකව වසා දැමේ

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

කොරෝනා වෛරසයට හේතුවෙන් සෞඛ්‍ය නීතීරීතිවලට අනුගතව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පොලොන්නරුව, සිගිරීය, කතරගම, ගාල්ල සහ මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියළුම කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව ජනතාවට දැනුම් දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *