27 April 2024
#දේශීය

කොළඹ මහ නගර සභාවට සිදුකරන සියලු ගෙවීම් දිසා කාර්යාල මගීන් සිදු කෙරේ

කොළඹ මහ නගර සභාවට සිදුකරන සියලු ගෙවීම් දිස්ත්‍රික් කාර්යාල වලින් සිදු කිරීමට හැකිවන පරිදි දිසා කාර්යාල 06 ම ආවරණය වන පරිදි සරප් කවුළු ස්ථාපිත කිරීම ඊයේ (13) දින සිදු කෙරිණි.

ඒ, නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙතෙක් ඔබ කොළඹ මහ නගර සභා වෙත පැමිණ ගෙවන ලද වරිපණම් ගෙවීම්, කඩ කුලී ගෙවීම්, උත්සවශාලා වෙන්කරගැනීම්, ක්‍රීඩා භූමි වෙන් කර ගැනීම් ආදි වූ සියලු ගෙවීම් තමන්ට ලගම දිසා කාර්යාලය වෙත ගොස් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙමගින් සියලුම ජනතාවට මෙම සේවාවන් ඉතාමත් කඩිනමින් සහ පහසුවෙන් කරගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණ වේ.

තනි කවුළු කවුන්ටරය ආරම්භ කිරීම, නගර සැලසුම් අංශය ඩිජිටල් කරණය කිරීම, කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල් කරණය කිරීම තුළින් මේ වන විටත් ජනතාවට කඩිනම් සේවාවක් සැපයීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *