27 April 2024
#සංවර්ධන

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමති තේනුකගේ ප්‍රධානත්වයෙනි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින පැවැත්විණ.

මෙම අධිකාරිය විසින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන, “මිහිදු නිවහන” වැඩසටහන, විරු සුමිතුරු වැඩසටහන, සියපත නිවාස වැඩසටහන, සපිරි මහල් නිවාස වැඩසටහන සහ ඉන්දියානු නිවාස ආධාර වැඩසටහන ඇතුළු විවිධ නිවාස වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී නිලධාරීන් විසින් මෙම වැඩසටහන්වල 2022 වසරේ ප්‍රගතිය පිළිබදව රාජ්‍ය ඇමතිවරයා දැනුවත් කෙරිණි.

නිවාස ණය අයකර ගැනීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී රාජ්‍ය ඇමතිවරයා දැනුවත් කළ අතර පසුගිය නොවැම්බර් මාසයේ රුපියල් මිලියන 303 ක මුදලක්, ණය අයකර ගැනීම් වලින් ලැබී තිබේ. මෙම මුදල තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස වැඩසටහන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද මෙහිදී නිලධාරීන් විසින් රාජ්‍ය ඇමතිවරයා දැනුවත් කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා ඉදිකිරීම්) කීර්ති රංජිත් අබේසිරිවර්ධන, අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්.එම්. ආනන්ද, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) අනෝමා විජේරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *