27 April 2024
#දේශීය

සියලුම රාජ්‍ය නිලධාරීන් වගා කළ යුතුයි – ඇමැති රොෂාන්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යේ (01) දින තරුණ හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදිය.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “රටේ තරුණ ප්‍රජාව මෙම කාර්යය සදහා සෘජුවම දායක කරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ ප්‍රජාව භාර තම අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ. ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් හට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවල දී නිවසේ වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුව ඇත. නිවස අවට භූමියේ තම පරිභෝජනය සදහා වගා කටයුතු සිදු කිරීමට පහසුකම් සැළසීම හා තමන් විසින්ම වගා කර ආහාර ද්‍රව්‍ය සකස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කිරීම කාලෝචිතයි. එය ක්‍රියාවට නැංවීම සදහා රාජ්‍ය ආයතන අතර යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

මෙම අවස්ථාවට ආචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම, සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා, වෘත්තීය මාර්ගෝපදේශ අංශයේ අධ්‍යක්ෂ සිතාරා ජයසේන, මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂිකා බී.එච්.සී. ශිරෝමාලි, සැලසුම් අංශයේ අධ්‍යක්ෂ සුමිත් පෙරේරා, මහජන රැකියා සේවා අංශයේ අධ්‍යක්ෂ සිසිර කුමාර යන නිළධාරී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *