27 July 2024
#දේශීය

සියළු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන 17 ආරම්භ කිරීමට නියමිතයි

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන 17 වනදා (අගෝස්තු 17 වන) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවතින වසංගත තත්ත්වය අනුව නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව අධ්‍යයන කටයුතු මෙන්ම නේවාසික කටයුතු ආරම්භ කරනු ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී අන්තර්ජාලය මගින් අධ්‍යයන කටයුතු සිදු වු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *