නිල ඇඳුමට අමතරව හිජාබයක් පැළඳීමට අවසර ඉල්ලමින් මුස්ලිම් ශිෂ්‍යාවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අලහාබාද් මහා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ThePrint India සහ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ, හිජාබ් පැළඳීම ඉස්ලාම් ආගමේ අත්‍යවශ්‍ය හෝ අනිවාර්ය අංගයක්බව තහවුරු කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව අධිකරණය නිරීක්ෂණය කළ බවයි.
ප්‍රයාගරාජ් හි පෞද්ගලික පාසලක 11 වන වසරට ඇතුළත් වීමට සූදානම් වූ ශිෂ්‍යාවක වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පෙත්සම විභාග කළ විනිසුරු ජේ.ජේ. මුනීර් සහ විනිසුරු ඉන්ද්‍රජීත් ශුක්ලා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වා දී ඇත්තේ, විනය, සමානත්වය සහ ආයතනික අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා සකස් කර ඇති සාධාරණ පාසල් නිල ඇඳුම් ප්‍රතිපත්තියක් බලාත්මක කිරීමට පාසල් පාලනාධිකාරියට පූර්ණ අයිතිය ඇති බවයි.
මීට පෙර වසරවලදී හිජාබය පැළඳීමට පාසලෙන් බාධාවක් නොවූ බවට ඉදිරිපත් වූ තර්කය ද ප්‍රතික්ෂේප කළ අධිකරණය, මීට පෙර කර්නාටක මහා අධිකරණය ලබාදුන් තීන්දුව ද උපුටා දක්වමින් සඳහන් කළේ, පාසල් පරිශ්‍රය තුළ ආගමික වශයෙන් වෙනස් වන ඇඳුම් පැළඳුම් වෙනුවට පොදු නිල ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීම ආයතනික සාමය සුරැකීමට හේතුවන බවයි.














