27 April 2024
#ව්‍යාපාර

Allianz Child Protector ජීවිතයේ වටිනාම දායදය වන දරුවන්ට සවිමත් රැකවරණයක්

අලියාන්ස් ලංකා සමාගම Allianz Child Protector නමින් දරුවන් සඳහාම වෙන් වූ බරපතළ රෝග ආවරණයක් හඳුන්වා දී තිබේ.

මෙය කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දායාදය වන දරුවන්ට රැකවරණය සැලසීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය සුරක්ෂිතතාව හා විශ්වාසය ලබාදීමේ අරමුණින් සැලසුම් කර ඇත.

Allianz Child Protector යටතේ සැලසුම් 6 ක් අතරින් තම ආර්ථික මට්ටම අනුව තමන් කැමති සැලසුම තෝරාගත හැකි අතර, වාර්ෂික වාරික රු. 3,150/- වැනි සුළු මුදලකින් ආරම්භ වේ.

මෙම ආවරණය යටතේ දරුවන්ට බරපතළ රෝගාබාධ සඳහා රෝහල්ගත කිරීම් ආවරණයක්, රජයේ රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමේදී දෛනික ආවරණයක් සහ එම රෝහල්වල සෞඛ්‍ය සේවා ගාස්තු/පරීක්ෂණ වියදම් ප්‍රතිපූරණය කිරීම ඇතුළු ප්‍රතිලාභ හිමි වේ. එමෙන්ම මෙමගින් දරුවන්ට හදිසි අනතුරු ප්‍රතිලාභ හිමිවන අතර, මව, පියා හෝ භාරකරුගේ වයස අවුරුදු 55 ට අඩු නම් ඔහුට හෝ ඇයටද හදිසි අනතුරු ආවරණයක් හිමි වේ. Allianz Child Protector යටතේ ආවරණය වන බරපතළ රෝග අතරට ඩෙංගු රක්තපාත උණ, පිළිකා, අංශභාගය, හෘද සැත්කම්, මොළයේ පිළිකා, ප්‍රධාන අවයව බද්ධ කිරීම්, ආඝාතය, කෝමා, Fulminant Viral Hepatitis, Sleep Apnea සහ පිත්තාශය ඉවත් කිරීම ඇතුළත් වී ඇත. වයස අවුරුදු 2 ත් 17 ත් අතර දරුවන් සඳහා මෙම ආවරණය ලබාගත හැකි අතර, ප්‍රතිපූරණ පදනම මත හිමිකම් මුදල් ගෙවීම සිදුකෙරේ.

“දෙමාපියන් ලෙස ජීවිතයේ අපට ලැබෙන වටිනාම දායාදය වන්නේ දරුවන්. අප සෑම විටම උත්සාහ කරන්නේ ඔවුන්ට හොඳම රැකවරණයක් ලබාදීමටයි. කෙතරම් නිරෝගීව සිටියත් ඕනෑම දරුවෙකු ඕනෑම මොහොතක අනපේක්ෂිත ලෙස බරපතළ රෝගයකට ගොදුරු වීමට පුළුවන්. එවැනි තත්ත්වයක් උදා වූ විට, දරුවන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය හැකි ආකාරය සිතමින් බොහෝ දෙමාපියන් පීඩනයටත් ආතතිතයටත් පත්වෙනවා. Allianz Child Protector සැලසුම් කර තිබෙන්නේ මෙම ගැටලුවට පිළියමක් වශයෙනුයි. අනාගතයේදී දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් අනපේක්ෂිත තත්ත්වයක් උදාවුවහොත් එයට හොඳින් මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය Allianz Child Protector නිසා ඔවුන්ට ලැබෙනවා. එමෙන්ම ගනුදෙනුකරුවන් ලබාගන්නා සෑම Allianz Child Protector සැලසුමක් වෙනුවෙන්ම රු. 100 ක මුදලක්, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන Little Hearts පදනමට බැරවෙන බවත් කියන්නේ සතුටින්. ඒ නිසා, කෙනෙකු තමන්ගේ දරුවන් වෙනුවෙන් Allianz Child Protector රැකවරණයක් ලබාගන්නා විට ඉන් රටේ තවත් දරුවන් රැසකට අත්වැලක් හිමිවෙනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු, ඇලන් ස්මී මහතා පැවසී ය.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *