27 April 2024
#ව්‍යාපාර

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’ හිදී සම්මාන 5 කින් පිදුම් ලබති

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම පසුගියදා පැවති ‘Great Manager Awards 2021’ සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන් සිටින සමාගමක් වශයෙන් සම්මාන 5 කින් පිදුම් ලැබී ය.

මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී (BMICH) පැවැත්විණි. Colombo Leadership Academy (CLA) විසින්, People Business සමග එක්වී මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

“අපගේ කළමනාකරුවන් පස් දෙනෙකු මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අප ලැබූ සුවිශාල ගෞරවයක්. කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම මෙම ඇගයීම් මගින් නැවතත් තහවුරු වනවා. අපගේ සමාගමේ සියලුම අංශයන්හි සාර්ථකත්වයේ පදනම වන්නේ මෙම කැපවීමයි.

අපගේ සමාගම වෙනුවෙන්, අපගේ කළමනාකරුවන්ගේ විශිෂ්ටත්වය අගය කිරීමටත්, ඔවුන් ලැබූ ජයග්‍රහණයන් වෙනුවෙන් ඔවුන්ට උණුසුම් සුබපැතුම් පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම 2022 වසරත් ඔවුන්ට අතිසාර්ථක වසරක් වේවායි කියා අප ප්‍රාර්ථනා කරනවා. මෙම ජයග්‍රහණයන්, නායකත්වය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වේවි. එය සමාගමේ කළමනාකරණ විශිෂ්ටත්වය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” අලියාන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා පැවසී ය.

 

මෙම සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා හි සහකාර සාමාන්‍යාධිකාරී (තාක්ෂණික, දේපළ සහ අනෙකුත් රක්ෂණ) කසුන් ද සිල්වා මහතා ‘ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම’ කාණ්ඩයේ සම්මානයක් දිනාගත්තේ ය. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (පරිපාලන) මැණික් ගුණසේකර මහත්මිය විසින් ‘නායකත්වය, අවංකභාවය සහ සමෝධානික ප්‍රවේශය’ සඳහා වන සම්මානයද, සහකාර සාමාන්‍යාධිකාරී (ජීවිත රක්ෂණ විකිණුම්) සිවරාධන් ගෝවින්දපිල්ලේ මහතා විසින් ‘ප්‍රතිඵල ළඟා කරගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය’ උදෙසා වූ සම්මානයද දිනාගන්නා ලදි. කුසලතා සංවර්ධන ප්‍රධානී චරිත බණ්ඩාර මහතා ‘දියුණුව සඳහා අන් අය පුහුණු කිරීම’ සම්මානය හිමිකරගත් අතර, ඩිජිටල් බලගැන්වීම් ප්‍රධානී කසුන් යටවර මහතා වෙතද ‘ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම’ කාණ්ඩයේ සම්මානයක් හිමි විය (ජයග්‍රාහකයන් දක්වා ඇත්තේ නිශ්චිත අනුපිළිවෙළකට නොවේ).

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *