කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ (DRC) පැතිර යන ඉබෝලා වසංගතය මෙතෙක් වාර්තා වූ ලොව දෙවන විශාලතම ඉබෝලා වසංගතය බවට පත්ව ඇති බව එරට නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
මේ වන විට තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 3,532 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,556 ක් වාර්තා වී තිබේ. මෙය ඉතිහාසයේ වේගයෙන්ම පැතිර යන ඉබෝලා වසංගතය ලෙස එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු ඇඟවූ අතර, මෙයට එරෙහිව ගෝලීය අවධානය දැඩි ලෙස යොමු කළ යුතු බවට බලධාරීහු ඉල්ලා සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














