• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ දීමනාව ගෙවලා නෑ – පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිලධාරින්

20 June 2023
in දේශීය

පළාත් පාලන ආයතන වල බලතල දැරීමට අදාලව සභා ලේකම්වරුන්ගේ දීමනාව පළාත් රැසක් ගෙවා නොමැති බව පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ මාර්තු මස 19 වන සිට ධූර කාලය අවසන් වූ පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් හට පැවරී තිබූ සියලුම කර්තව්‍යයන් හා රාජකාරි ඉටුකිරීමේ වගකීම බලතල හා කාර්‍ය කර්තව්‍යය නගර සභා පනත යටතේ නගර සභා ‍කොමසාරිස්වරුන්ටත් ප්‍රාදේශීය සභා පනත යටතේ සභා ලේකම් වරුන්ටත් පැවරී ඇති බවත් මාර්තු මස 20 දා සිට එම බලතල දැරීම සදහා දීමනාව පළාත් සභා 7ක් ගෙවා නොමැති බැවින් රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිළධාරීන්ගේ සංගමය අදාල පළාත් සභා වල ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීම් සිදුකර ඇති බවයි.

එසේම පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් වූ දින සිට බලතල දැරීමට අදාල දීමනා ගෙවීමට දකුණු පළාත හා ඌව පලාතේ ආණ්ඩුකාරවරුන් අනුමැතිය ලබා දී ඇති බව ඔහු පැවසීය.

පළාත් පාලන ආයතන වල නිලකාලය මේ වන විට අවසන් වී ඇති අතර එම පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු ලේකම්වරුන් වශයෙන් ආයතනයේ කාර්‍යක්ෂමතා වැඩිදියුණු කිරීමටත් පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීමටත් සේවාවන්හි ඵලදායිතාව වැඩිකිරීමටත් වියදම් කළමනාකරණය කිරීමත් වැනි කාර්යයන් සභා ලේකම් වරුන්ට හා නාගරික ලේකම්වරුන්ට පැවරී ඇති බැවින් නිලකාලය අවසන් වූ දින සිට පළාත් පාලන ආයතන වල ලේකම්වරුන්ට අදාල බලතල දැරීම වෙනුවෙන් දීමනාව ලබා දෙන ලෙසත් ආණ්ඩුකාරවරුන් වෙතින් රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් සිදුකර ඇත.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 16
Previous Post

ගොවීන් සහ පාරිභෝගිකයන් සිදු වු පිඩාවට පාඩු පියවා ගන්න – විපක්ෂනායක සජිත්

Next Post

සාමාන්‍ය ජනතාවට බදු ගැසීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා – මන්ත්‍රී පාඨලි

editor

editor

Next Post

සාමාන්‍ය ජනතාවට බදු ගැසීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved