ප්‍රංශ දුම්රිය නිෂ්පාදන සමාගමක් වන ඇල්ස්ටොම් (Alstom), සිය මධ්‍ය කාලීන මූල්‍ය පුරෝකථනයන් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කිරීමත් සමඟ අද (17) දින එම සමාගමේ කොටස් මිල සියයට 10 ත් 15 ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. 2025/26 මූල්‍ය වර්ෂය සඳහා වන මූලික වාර්තා නිකුත් කරමින් සමාගම සඳහන් කළේ, මීට පෙර අපේක්ෂා කළ වසර තුනක කාලසීමාව සඳහා වන යුරෝ බිලියන 1.5 ක ශුද්ධ මුදල් ප්‍රවාහ (Free Cash Flow) ඉලක්කය ඉවත් කර ගන්නා බවයි.
සමාගමේ නවතම ඇස්තමේන්තුවලට අනුව, අපේක්ෂිත මූල්‍ය වර්ධනය අත්පත් කර ගැනීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇති අතර, ධන මුදල් ප්‍රවාහයක් අපේක්ෂා කළ හැක්කේ 2026/27 මූල්‍ය වර්ෂය අවසානයේදී පමණි. එමෙන්ම අපේක්ෂිත වියදම් හේතුවෙන් අප්‍රේල් 1 වනදායින් ආරම්භ වූ මෙම මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ යුරෝ බිලියන 1.5 ක පමණ මුදල් පිටතට ගලා යාමක් (cash outflow) සිදුවනු ඇතැයි ද ඇල්ස්ටොම් සමාගම පෙන්වා දෙයි. මෙම පුවතත් සමඟ ආයෝජකයින් අතර ඇති වූ අවිශ්වාසය කොටස් මිල සීග්‍රයෙන් පහත වැටීමට සෘජුවම බලපා තිබේ.














