27 April 2024
#සංවර්ධන

ඇල්වල විද්‍යාලය පුස්තකාලය වැඩිදියුණු කෙරේ

කියවීමේ වැදගත්කම අවධාරණය කර දෙමින්, ඒ සදහා දරුවන් උනන්දු කරවීමත්, පාසල්වල පුස්තකාල පහසුකම් දියුණු කිරීමේ අරමුණත් පෙරදැරිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගිය දා මාතලේ ඇල්වල විද්‍යාලයයේ දී සාර්ථකව නිමාවට පත් විය.

ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය මත පුස්තකාල භාවිතය සදහා පොත් කට්ටල ප්‍රදානය කිරීමත්, කියවීමේ වැදගත්කම අවධාරණය කර දෙමින් විශේෂ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීමත් සිදු විය.

මෙම දැනුවත් කිරීමේ දේශනය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සංස්කෘතික නිලධාරී සුසන්ත එදිරිසිංහ මහතා විසින් සිදු කළ අතර, සංස්කෘතික නිලධාරිනී ධම්මිකා ජයවර්ධන බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි උදේනි අබේරත්න යන මහත්ම මහත්මින් විසින් සංවිධානය කර තිබුණි.

විදුහල්පති කොඩිතුවක්කු මහතා ඇතුලු ගුරුවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *