අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ වාර්ෂික පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට (01) සහ අනිද්දා අම්බලන්ගොඩ පොලිස් වසම ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. ඒ අනුව හෙට දහවල් 1.00 සිට රාත්‍රී 8.00 දක්වා සහ අනිද්දා රාත්‍රී 9.00 සිට පසුදා අලුයම 3.00 දක්වා පෙරහර වීථි සංචාරය කෙරෙනු ඇත.
පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුළ අම්බලන්ගොඩ අවට ප්‍රදේශයේ කොළඹ–ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන බැවින් රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු වේ. එම විකල්ප මාර්ග පටු මාර්ග වන බැවින් රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
















