ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ. මෙරට චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර, දෙරට අතර දිගුකාලීනව පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය ලබාදෙන දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා එහිදී ස්තූතිය පුද කර ඇත.
මෙම හමුවේදී චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇත.
















