ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ (S.J.B.) මන්ත්‍රී අමිත චතුරංග (හෙවත් ‘බටපොල නින්දානේ චූට්ටේ’) නමැත්තා හෙට (13) දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (11) පස්වරුවේදීය. එහිදී ඔහු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති රිපීටර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමට හැකි විය. ගාල්ල දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.















