• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තානාපති මල්රාජ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වයි

31 January 2021
in දේශීය

තානාපති මල්රාජ් ද සිල්වා මහතා කස්ර් අල් වටන් ජනාධිපති මන්දිරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වා ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

තානාපති මල්රාජ් ද සිල්වා මහතා විවිධ හැකියාවන්ගෙන් සමන්විත වෘත්තීය පරිපාලකයෙකි. එතුමාගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයේ දී සම්පූර්ණ කරන ලද අතර සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස උපාධිය ලබා, එංගලන්තයේ ඉංජිනේරු ආයතන කවුන්සිලයෙන් විදුලි ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි නිලධාරීන්ගේ ජාත්‍යන්තර සමුළුවෙන් ගොඩනැගිලි නිලධාරී සුදුසුකම ද ලබා සිටී. පසුව, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායට ඍජුව බඳවා ගනු ලැබූ එතුමා, ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ උතුරු මාළිගාවේ සියලුම ඉදිකිරීම් කටයුතු භාරව සිටින ප්‍රාදේශීය ප්‍රමාණ සමීක්‍ෂක සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ ඉදිකිරීම් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළේය. තානාපති පදවියට පත්වීමට පෙර එතුමා ලොස් ඇන්ජලීස් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්ත අටක කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. රංජනී ද සිල්වා මැතිනිය සමඟ විවාහ වී සිටින එතුමාට දරුවන් තිදෙනෙකු සහ මුනුබුරු මිනිබිරියන් සිව්දෙනෙකු සිටිති.

Post Views: 7
Previous Post

පවිත්‍රා ගැන බොරු නිව්ස් පලකල අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වයි

Next Post

වැක්සින් එක ගහපු අයට උණ වැළදෙයි

editor

editor

Next Post

වැක්සින් එක ගහපු අයට උණ වැළදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved