• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ හැසිරීම චීන තානාපතිගේ කණස්සල්ලට !

3 February 2020
in දේශීය

ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති  චෙන්ග් ෂියුආන්ගේ අත්සනින් මේ  නිවේදනය ඊයේ (02) නිකුත්කර ඇත.

සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී බව සදහන් කරන එම නිවේදනය ශ්‍රී ලාංකික මහජනාතවගේ තත්ත්වය තමන් සහ තම කාර්යාලය හොඳින් තේරුම් ගෙන ඇති බවත් ඒ අයුරින්ම ශ්‍රී ලාංකිකයන් ද චීනයේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.
 
චීනයේ වගකීම් සහගත බව චීන රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් හොඳින් පෙනී යන බවත් ශ්‍රී ලාංකිකයන් එය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
 
“අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය. 
අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.
 
පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන්  බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.
 
වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ බොහෝමයක් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද අපි අපේ ජාතිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අනෙක් පළාත්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද අපි දැනටමත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.
 
වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා බලධාරීන් ද අදාළ පියවර සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව අප සිහිපත් කරනවා.
 
ඒ වගේම ශ්‍රී ලාංකාවේ මහජනතාව රජයේ උපදෙස් පිළිපදිමින් සමාජ සම්මතය ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.
 
කීර්ති නාමයට හානියක් !
 
ශ්‍රී ලංකාවේ චීන තානාපති මෙසේ නිවේදනයක් නිකුත්කරන තැනට ශ්‍රී ලංකාව පත්වීම මෙරට කීර්ති නාමයට හානියක් බව විද්වත් මතය වී තිබේ. මෙවැනි තත්ත්වයක් ජනතාව අතර මතුව ඇත්තේ කොරෝනා වෛරසය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව නිසි දැනුවත්වීමක් නොමැති නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
එසේම විදෙස් මිතුරු රටක් ලෙස විශේෂයෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පමණක් චීනය සමග එකමුතුව කටයුතු කරන අතර ඔවුන් දුෂ්කරතාවකට මුහුණදී සිටියදී නොතැකීම ගැන ආණ්ඩුව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ඔවුන්ගේ අදහස වෙයි.
 
 
Post Views: 15
Previous Post

නිදහස් දිනයට සියල්ල සුදානම් – සියළු සුරා සැල් වසා තබන්න – රජය නිවේදනය කරයි

Next Post

නිදහස් පක්ෂය තවම පොහොට්ටුවට එක් වුණේ නෑ – බැසිල් කියයි

editor

editor

Next Post

නිදහස් පක්ෂය තවම පොහොට්ටුවට එක් වුණේ නෑ - බැසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved