27 April 2024
#දේශීය

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති මාතලේ සංචාරයක

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති ඛාලේඩ් නසාර් ඇලමේරි මහතා (KHALED NASSER ALAMER) මාතලේ, කොහොඹිලිවෙල,සෙනෙහස පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නිරික්ෂන චාරිකාවක නිරත විය.

එහිදි සංවර්ධන මධ්‍යස්ථානය පිළිබදව කරුණු සාකච්ඡා කළ අතර ඉදිරි සංවර්ධන කටයුතු සදහා දායකත්වය පිළිබදව අදහස් හුවමාරු විය.

මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති මායලගු සසිදරන් මහතා ඇතුලු පිරිසක් මෙය සම්බන්ධිකරණ කටයුතු සිදු කළහ.

මෙම අවස්ථාවට සමිතියෙ ්සභාපති ගාමිණී කොස්තා,ලේකම් අශෝක කේ.නිලකාන්ත .කළමණාකරු මහේෂ් කිර්තිරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්විය.

 

මහේෂ් කිර්තිරත්න -මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *