27 April 2024
#සංවර්ධන

අම්බොක්ක පත්තිනි දේවාලය බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

මාතලේ පල්ලේපොල ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ උඩ මළුවේ ප්‍රධාන පැති බැම්මේ වම්පස කොටස පසුගිය 2022 ජූනි මාසයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් නාය යාමට ලක් වු බවත් එය නැවත කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති අරමුදල මගින් ලබා දුන් ප්‍රතිපාදන මත කෙටි කලක් තුළ සිදු කිරිමට හැකිවු බව මාතලේ අම්බොක්ක පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ නිතිවේදි රයන් වලිසුන්දර මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ ඉල්ලිමක් අනුව කඩිනමින් ඒ සඳහා අවධානය යොමු කරමින් ජනාධිපති අරමුදල හරහා මෙම ප්‍රතිසංස්කරණය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම සිදු කළ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා මෙම ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදු කිරීමට පියවර ගත් බවය.

මේ සදහා කඩිනම් අවධානය යොමු කරමින් අවශ්‍ය ප්‍රතිපාදන සැපයු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු රජයටත් යුධ හමුදාවේ පිරිස වෙත සිය ස්තුතිය පුද කරන බවද වලිසුන්දර මහතා පැවසිය.

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *