අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙම්මාතගම, අම්බුළුවාව හරහා ගම්පොළ මාර්ගය ස්ථාන දෙකකින් නායයාමට ලක්ව තිබෙන බව වාර්තා වේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් එම මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීම අද (03) පස්වරුවේ ආරම්භ කර එක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එම මාර්ගයේ පවතින දැඩි අවදානම සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයට පැමිණීමෙන් වැළකී සිටින ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට පෙර ‘දිට්වා’ සුළි කුණාටුව පැවැති අවස්ථාවේදීත් මෙම මාර්ගය ස්ථාන කිහිපයකින් නායයෑමට ලක් වූ අතර, එය නැවත පිළිසකර කිරීම සඳහා මාස 02කට අධික කාලයක් ගතවූ බව සඳහන් වේ.














