27 April 2024
#ක්‍රීඩා

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදී දෙබඩි පිළිවෙතක් අනුගමනය කළ බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

ජගත් සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දුර්වල සංවිධානයක් ලෙසට චෝදනා කරමින් අමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරිය වන නිකී හේල්ස් ඊයේ (19) නිවේදනය කර ඇත‍.

අප ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පිළිකුල්සහගත ලෙස චෝදනා එල්ල කළ බවයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් පසු ඒ පිළිබඳ අමෙරිකාව කටයුතු කළ ආකාරයට හා වෙනස් ක්‍රමයක් ඊශ්‍රායල වෙනුවෙන් සිදු කිරීම සම්බන්ධයෙන් ගැටළු සහගත බව කොහොන මහතා පැවසිය.

ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත යෝජනා ගෙන ආවේ අමෙරිකාව විසින් බවත් එම යෝජනා සම්මත කර ගැනීමට දැඩි උත්සහායක ගත් බව ආචාර්යවරයා කියා සිටියේය.

අමෙරිකාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ගෙන ගිය වැඩපිළිවෙලට හාත්පසින්ම විරුද්ධ වැඩපිළිවෙලක් ඊශ්‍රායලය වෙනුවෙන් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ආචාර්යවරයා වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *