27 April 2024
#ක්‍රීඩා

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඩලස් අලහප්පේරුම මන්ත්‍රීවරයා කියා සිටියේ ජිවන වියදම වැඩිවිම, රුපියල අවප්‍රමාණය විම වැනි කරුණු සම්බන්ධයෙන් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන බවයි.

ආණ්ඩුව ගෙදර යවන රැල්ලක් නිර්මාණය කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පක්ෂ නායකයින් එම සාකච්ඡාවේදී ඒකමතිකව තීරණය කර බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *