27 April 2024
#දේශීය

අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි – සමගි ජන බලවේගය

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමක් වාර්තා වීමත් සමඟ ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමටත් තීරණය කරනු

එමෙන්ම විසි දෙවන සිකුරාදා පැවැත්වෙන පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කරන බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *