• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SMR Consolidated සමාගම 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගනියි

26 December 2023
in දේශීය
SMR Consolidated සමාගම 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගනියි

ශ්‍රී ලංකාවේ තෙල් සහ මේද වර්ග නිෂ්පාදනය, පිරිපහදුව හා අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.

උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙන්නුම් කළ කැපවීම උදෙසා මේ ආකාරයට නැවත වරක් එම සමාගමට ජාතික මට්ටමේ සම්මානයක් හිමි වී තිබේ.

ජාතික අපනයන වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ 31 වන අදියර පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන් අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීම ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන ලද පුළුල් සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද අතර, එහිදී පසුගිය වසර 3 ක කාලය තුළ අපනයන ක්‍රියාකාරීත්වය, අගය එකතු කිරීම, විදේශ විනිමය ඉපැයුම්, කාර්යක්ෂම කළමනාකරණය, සන්නාමකරණය සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදිය සැලකිල්ලට ගන්නා ලදි.

“මෙම ගෞරවණීය සම්මාන උළෙලේදී පොල් කර්මාන්තය නියෝජනය කරමින් අතිවිශාල සමාගම් කාණ්ඩය යටතේ ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. ආරම්භයේ සිටම අප උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණා. ඒ නිසාම, ලොව රටවල් 53 කට වැඩි සංඛ්‍යාවක් තුළ අපගේ නිෂ්පාදන අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. අද වනවිට මේ රටවල් අතරින් බොහොමයක අපගේ නිෂ්පාදන සැලකෙන්නේ උසස් ප්‍රමිතියට මනා උදාහරණයක් ලෙසයි. මේ පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා. SMR Consolidated හි ජාත්‍යන්තර සන්නාමය වන “Coco Organic” හි ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ සාරය ලෝකය වෙතට රැගෙන යාමයි. මේ වනවිට එම සන්නාමය GCC කලාපයේ ප්‍රධානතම පොල්තෙල් සන්නාමය බවට පත් වී තිබෙනවා, ඉදිරියේදී එහි ජනප්‍රියත්වය ලොව පුරාම ව්‍යාප්ත කරවීම අපගේ බලාපොරොත්තුවයි.” SMR Consolidated සමාගමේ ජාත්‍යන්තර විකුණුම් හා අලෙවි කළමනාකරු වර්නන් නීතිරාජා මහතා පැවසී ය.

“1997 දී අප ප්‍රථම වරට අපගේ ආහාරයට ගත හැකි තෙල් පිරිපහදු කර්මාන්තශාලාව ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ ආරම්හ කළ ප්‍රථම, අඛණ්ඩව ක්‍රියාත්මක වන, ආහාරයට ගත හැකි තෙල් පිරිපහදුව එයයි. මේ වනවිට ගුණාත්මකභාවය අතින් කර්මාන්තය තුළ පෙරමුණ ගැනීමට අපට හැකි වී තිබෙනවා. අප වෙත ලබාදුන් සහයෝගය මෙන්ම අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය වෙනුවෙන් අපගේ දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” වර්නන් නීතිරාජා මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට පෙරද SMR Consolidated සමාගම ආහාරවල සුරක්ෂිත බව සහ ගුණාත්මක බව වෙනුවෙන් BRC, FSSC 22000, ISO, SEDEX, SMETA, FAIRTRADE Organic සහ Kosher ඇතුළු සහතිකකරණයන් රැසක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. 2023 වසරේදී ප්‍රථම වරට මහද්වීප 6 ක රටවල් 53 කට අධික සංඛ්‍යාවක් වෙත තම නිෂ්පාදන අපනයනය කිරීමට සමාගම සමත් විය.

මීට පෙර පැවති 30 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් දිනාගැනීමට SMR Consolidated සමාගමට හැකියාව ලැබිණි. මීට අමතරව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානයන කරනු ලැබූ 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී එම සමාගම ජාතික මට්ටමේ රන් සම්මානයකින්ද පිදුම් ලැබී ය.

ජනතාවට හා ප්‍රජාවට මුල්තැන දෙන තිරසාර ව්‍යාපාරයක් වශයෙන් SMR Consolidated සමාගම උසස්ම තලයේ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අමතරව ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් නොයෙක් අයුරින් කැප වී සිටී. දේශීය මූලයක් සහිත එම සමාගමේ සේවය කරන සංඛ්‍යාව 1,000 ඉක්මවන අතර, සමාගමේ මෙහෙයුම් කටයුතු හරහා තවත් 5,000 කට අධික පිරිසකට ආර්ථික අවස්ථා උදා වී තිබේ. ග්‍රාමීය පවුල් 6,000 කට අධික සංඛ්‍යාවකට අත්වැලක් වෙමින්, තම නිෂ්පාදන හරහා දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලොව පුරා පැතිරවීම SMR Consolidated හි අරමුණ වී ඇත.

PR

Post Views: 17
Previous Post

අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි – සමගි ජන බලවේගය

Next Post

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

editor

editor

Next Post
අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved