රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත’ (PSTA) හරහා රට තුළ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස අභියෝගයට ලක්වීමේ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියානු ප්රාදේශීය කාර්යාලය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ජාත්යන්තර සංවිධානය පෙන්වා දී ඇත්තේ, යෝජිත මෙම නව පනත ක්රියාත්මක වීමත් සමඟ අතීතයේදී මෙරට සිදුවූ මානව හිමිකම් කඩවීම් සහ අයුක්තිසහගත තත්ත්වයන් යළිත් සමාජය තුළ තහවුරු වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි. ගෝලීය වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ උල්ලංඝනය කිරීම් වැළැක්වීමට කැපවී ක්රියා කරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්රී ලංකාවේ වත්මන් නීතිමය ක්රියාවලීන් සහ පනත් කෙටුම්පත් පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරමින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
















