රට තුළ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත්, ඇතැම් පාර්ශ්ව විසින් ජනතාව තුළ අනවශ්ය අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය වෛද්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් සහතික විය.
මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ගෑස් නෞකා පැමිණීමේදී දින එකක හෝ දෙකක තාවකාලික ප්රමාදයක් පමණක් සිදුවූ බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, ප්රමාණවත් තොග මේ වන විටත් පවතින බව අවධාරණය කළේය. මහජන අවශ්යතා සම්පූර්ණ කිරීම සඳහා සාමාන්ය දිනවල නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර් 80,000ක ප්රමාණය වෙනුවට මේ වන විට ‘ලිට්රෝ’ ගෑස් සමාගම දිනකට සිලින්ඩර් 100,000 බැගින් මුදාහරිමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම, රටට අවශ්ය ඉන්ධන සහ අනෙකුත් අත්යවශ්ය සංචිත ද සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















