අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කොහු මෝලක මේ වන විට හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය, උහණ ගුවන් හමුදා ගිනි නිවන ඒකකය සහ යුද හමුදා සේනාංක එක්ව කටයුතු කරමින් සිටින අතර, ප්‍රදේශයේ පොලීසිය ද ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටියි. ගින්නෙන් සිදු වූ හානිය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
















