අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් 17ක පවුල් 2,835ක පුද්ගලයින් 8,212 දෙනෙකු පානීය ජලය නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටිති.
පානීය ජලය බෙදාහැරීම සඳහා රජය මාස තුනකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දී තිබුණද, අවශ්‍ය තරම් ජල බවුසර්, රියදුරන් සහ රිය සහායකයින් නොමැති වීම හේතුවෙන් ජල සැපයුම මුළුමනින්ම අඩපණ වී තිබේ. අම්පාර දිසාපතිවරයා, මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ලබාදීමට පොරොන්දු වූ ජල බවුසර් මෙතෙක් ලැබී නොමැති අතර, මුළු බලප්‍රදේශයටම ජලය ලබාගැනීමට ඇත්තේ එකම ළිඳක් පමණක් වීම නිසා ජල බෙදාහැරීම දැඩි ලෙස ප්‍රමාද වී ඇත. පවතින සේවක හිඟයට පිළියමක් ලෙස දෛනික වැටුප් පදනම මත තාවකාලික රියදුරන් බඳවා ගැනීමට පදියතලාව ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.














