මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) රාත්‍රී 6.43ට ශ්‍රී දළදා මාලිගාව අබියසින් වීථි සංචාරය කිරීමට නියමිත අතර, පෙරහර නැරඹීම සඳහා නගරයේ ඇතැම් ස්ථානවල ආසනයක මිල රුපියල් 40,000ක් දක්වා ඉහළ දමා ඇත.
මහනුවර මහ නගර සභාව මඟින් පැනවූ රුපියල් 28,000යේ ආසන සියල්ල විකිණී අවසන් බවත්, පෞද්ගලික ආසන සඳහා මිල පාලනයක් නොමැති වීම නිසා ලබන වසරේ සිට ඊට වැඩපිළිවෙළක් යොදන බවත් බලධාරීහු පවසති. මේ අතර ඊයේ දහවල් සිටම වීථි පුරා ජනතාව පිරී ඉතිරී ගොස් තිබූ අතර, ඇතැම් පිරිස් පදික වේදිකාවල ඉටි රෙදි එළා ඉඩ අල්ලාගෙන ඒවා රුපියල් 3000-4000 අතර මුදලකට විකිණීමේ සිද්ධීන් ද වාර්තා වී තිබේ. අවසන් රන්දෝලි පෙරහර ගෙවැදීමෙන් පසු සධාතුක කරඬුව ආදාහන මළුව ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරෙන අතර, හෙට (28) ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් සහ දවල් පෙරහරින් උත්සවය නිමා වනු ඇත.














