අසෝසිේටඩ් මෝටර් ට්‍රේඩ්ස් (පෞද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකාවේ දෙවැනි විශේෂිත Suzuki මෝටර් රථ ප්‍රදර්ශනාගාරය මහනුවර කටුගස්තොට පාර ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කරනු ලැබ ඇත. AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවාහර් ගනේෂ් මහතා ඇතුළු ආයතනික ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කළ අතර, ඒ හරහා මධ්‍යම පළාතේ පාරිභෝගිකයන් වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ මෝටර් රථ සේවා සමීප කිරීම අපේක්ෂා කෙරේ.
මෙම නව ප්‍රදර්ශනාගාරය තුළ Grand Vitara, Jimny, Fronx, Celerio සහ Alto K10 ඇතුළු ජනප්‍රිය Suzuki මෝටර් රථ මාදිලි ප්‍රදර්ශනයට තබා ඇති බව ආයතනය පවසයි. මීට අමතරව, අලෙවියෙන් පසු සේවා කටයුතු වෙනුවෙන් කටුගස්තොට යටිවාවල පිහිටි AMW Pitstop සේවා මධ්‍යස්ථානය හරහා වාහන නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ බොඩි ෂොප් සේවාවන් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට පහසුකම් සලසා දී තිබේ.
බොරැල්ල ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් පසු AMW සමාගම විසින් දිවයින තුළ විවෘත කරන ලද දෙවැනි විශේෂිත Suzuki ප්‍රදර්ශනාගාරය මෙය වන අතර, මෙරට මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ තම සේවා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අදාළ රථ මිල දී ගන්නා පාරිභෝගිකයන් වෙත වසර තුනක හෝ කිලෝමීටර් එක්ලක්ෂයක වගකීමක් සමඟින් මුල් අමතර කොටස් සහ පුහුණු කාර්‌මික ශිල්පීන්ගේ සේවාවන් ලබා දීමට කටයුතු යොදා ඇත.














