27 April 2024
#දේශීය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය සඳහා යෝජිත සැලැස්ම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමඟ සාකච්ඡා පවත්වයි.

මෙම හමුව ඊයේ (22) අරලියගහ මන්දිරයේදී සිදුව ඇති අතර මෙහිදී ආර්ථික සහයෝගීතාව පිළිබඳ යෝජිත ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ විමසා බැලීය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික ගුවන් සමාගම් කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. අලියන්ස් එයාර් ගුවන් සමාගමට අවශ්‍ය වන්නේ මෙහෙයුම් වැඩි කිරීමට සහ දකුණු ඉන්දීය ගමනාන්තවල සිට යාපනය දක්වා සිදුකෙරෙන වත්මන් ගුවන් ගමන් රත්මලාන ගුවන් තොටුපළ දක්වා දීර්ඝ කිරීමටයි.

ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසාර කිරීම සඳහා ණයහිමියන්ගේ මූල්‍ය සහතික අවශ්‍ය වන අතර ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව සඳහා සුදුසු IMF වැඩසටහනක් ලබා ගැනීමට සහය දැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තුතිය පළ කළේය.

මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ සහ මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක එල්ඩෝස් මැතිව්ස් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *