27 April 2024
#දේශීය

INS Vagir සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය 19 වනදා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (22) දින දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම නිල සංචාරයේදී, ‘INS Vagir’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) සහ බටහිර නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම සබ්මැරීනයේ නැව් මුළුව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *