• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක්

21 March 2021
in ක්‍රීඩා

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා 15 වනදා සිදු කෙරෙණි.

එම වැඩසටහන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මට්ටම ඉහළ නැංවමින් ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කරවීමේ ඉලක්කය පෙරදැරිව සිදු කෙරේ.

2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙහි ප්‍රමුඛ ඉලක්කයකි. ඒ වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව ඔස්සේ සංචිතගත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් ලබාගත හැකි ඉලක්කගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා තෝරාගෙන තිබේ.

මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ,බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ආදී ක්‍රීඩා 07 කට අදාළව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙක් මෙලෙස ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගත වූහ.

ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ජාතික ක්‍රීඩා අරමුදල මඟින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලැබේ. ඊට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉදිරියේ දී රුපියල් විසිපන්දහක පෝෂණ දීමනාවක් ද ගෙවීමට සැළසුම් කර ඇත.

මෙම අවස්ථාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, කමිටු සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවේගම, ජාතික උසස් දක්ෂතා කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 5
Previous Post

අමුතුම පරිසරවේදීයෝ ටිකක් අද විලාප දෙන බව ඇමැති විමල් කියයි

Next Post

ජවිපෙත් සහරාන්ගේ මතවාදය පිළිගන්නා බව සැකයි – ඇමැති සරත් කියයි

editor

editor

Next Post

ජවිපෙත් සහරාන්ගේ මතවාදය පිළිගන්නා බව සැකයි - ඇමැති සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved