27 April 2024
#දේශීය

ජවිපෙත් සහරාන්ගේ මතවාදය පිළිගන්නා බව සැකයි – ඇමැති සරත් කියයි

ජනතා විමුක්ති පෙරමුණත් සහරාන්ගේ මත වාද පිලිගන්න බවට සැක පහළ වන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද ට යෙදී තිබුණු 147 වෙනි පොලිස් විරු දිනයට සමගාමීව අද මාලිගාකන්ද මහා බෝධි විහාරස්ථානයේ දී පැවැති ආගමික වතාවත් හා දානමය පිංකම අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් ගේ පියා වන ඊබ්‍රහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙස සිටිබව හා ඒ පිළිබඳව විමර්ශන වලදී කළ ප්‍රකාශ ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බියට පත්වී ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ඊබ්‍රහිම් නමැති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයෙක් එක්ව සිටි බවයි මෙහිදී පැහැදිලි කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පුද්ගලයින් සහරාන්ගේ මත වාද පිළිගන්නා බවට සැකයක් මතුවන බව ද මෙහිදී පැහැදිලි කළා .

ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා පසුගිය දිනවල කළ ප්‍රකාශයක් අනුව පිළිම වන්දනා කරන්නේ ගෝත්‍රිකයන් බව පවසා තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා පිළිම වන්දනා කරන අයට එරෙහි වන්නේ සහරාන් වැනි මූලධර්මවාදීන් නිසා එම මත වාද ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා බවට මෙහිදී සැක පහළ වන බව අමාත්‍යවරයා පැහැදිලි කළා.

3% ට පහළට බැස්ස ජනතා විමුක්ති පෙරමුණට කිසිම ජනතාවකගේ සහයක් ඉදිරියේදී නොලැබෙන බවත් කියා සිටියා..

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකමි මෙිජර් ජෙනරාල් ජගත් අල්විස් බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *