• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් – සාගර කාරියවසම්

1 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට නැවත අසමත් රාජ්‍යයක් කර ඒ් තුළින් තමන්ගේ මෙතෙක් කල් දිනාගන්න බැරි වු දේවල් දිනා ගන්න දරන උත්සාහයක් ද කියන එක ගැන බුද්ධියෙන් විමසා බලන්න කියා මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(01) පැවැති මාධ්‍ය හමුවකදීය.

විවිධ බොරු මතිමතාන්තර සමාජගත කරමින් රට නැවත අසමත් රාජ්‍යයක් කිරීම තුළින් යුද්ධයෙන් දිනාගත නොහැකි අභිලාෂයන් දිනා ගැනීමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණකාරීව උත්සහ දරන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා ” අපිට රට භාර දෙන කොට මහ බැංකුවේ ඩොලර් මිලියන හතයි දශම ගාණක සංචිතයක් තිබුණා කියලා ලොකුවට කිව්වා. මේ රටේ ආර්ථිකය ගැන දන්න හැමෝම දන්නවා එවැනි සංචිතයක් තිබුනට අපිට රට බාර අරගෙන මාස කිහිපයක් ඇතුළත ගෙවන්න ඩොලර් බිලියන හයක පමණ විශාල ණය මුදලක් තිබුණා. එහෙම බලනකොට ඇත්තටම ඩොලර් බිලියන හතක සංචිතයක් අපේ රජයට ලැබුණේ නැහැ. අපි රජය බාර ගත්ත දවසේ ඉඳලා කොරෝනා වුවදුරත් එක්ක සටන් කරන්න සිද්ධ වුණා. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න රජයක් හැටියට මහා විශාල සටනක් කරන්න සිද්ධ වුණා. රෝහල්ගත කර ගන්න බැරුව පාරවල් අයිනේ ත්‍රී රෝද රථ ඇතුලේ පේමන්ට් වල මිනිස්සු පණ ඇදලා මැරෙන තත්ත්වයක් රූපවාහිනිය දැක දැක අපේ රටේ අසනීප වෙන කිසිම කෙනෙක්ව රෝහලකට ඇතුළත් නොකර ප්‍රතිකාර නොකර හරින තත්වයකට මෙරට පත්වෙන්න අපි රජයක් හැටියට ඉඩ දුන්නේ නැහැ. එදා දිගටම මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදනකොට මේ රට වහන්න කියලා ආපු බලපෑම ඔබ දන්නවා. මේ රට නැවත විවෘත කරන්න කියලා මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කලා.විදේශ විනිමය ගෙන එන ආයතන පවත්වා ගෙන යන්න උත්සාහ කරද්දී සමාජය තුළින් දැඩි විරෝධතාවයක් මතු වුණා. යම්කිසි කල්ලි කණ්ඩායම් විසින් ඇඟලුම් කම්හල් ඇතුළු විදේශ විනිමය ගෙන එන කම්හල් වසා දමන්න කියලා බලපෑම් කළා.ඉතාම ආරක්ෂා කාරී තත්වයන් යටතේ නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න හදපු අවස්ථාවේදී මේ රටේ සමහර කොටස් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගිහිල්ලා නඩු දාලා ඒක නවත්තන්න පියවර ගත්තා. මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ක ද කියලාන්න එහෙම කළාද කියලා අපිට දැන් සැක හිතෙනව. ඉදිරියේදී මේ රටේ ජනතාවට ඒ බව ඔප්පුවේයි. ලොකු කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වුණා.ඒ කාලේ දිගින් දිගටම එවකට හිටපු මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරා ඉන්ධන ලබා ගැනීම අපිට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන බව. 2022 මාර්තු මාසය වෙනකොට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙනවා ඒක නිසා විදේශ රටක් එක්ක ගිහිල්ලා එකඟතාවයකට එන්න කියලා යම්කිසි හා ණය ක්‍රමයක් යටතේ ඉන්ධන ලබා ගන්න මුදල් එදා හිටපු බලශක්ති ඇමැතිවරයා විදේශ සංචාරයක් ගිහිල්ලා ඇවිල්ලා මේ රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා ප්‍රකාශයක් කරා වසරකට ඉන්ධන ලබා ගන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර කියලා. ඉතින් මේ සෑම කරුණක් තුළම මේ රජය වැට්ටවීමේ යම් කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තිබුණ බව පෙනී යනවා.

නැවත නැවත ණය අරගෙන මේ රට ගොඩ ගන්න බෑ. මේ රටේ ආර්ථික විශේෂඥයෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය මීට පෙරත් ලබා ගත්තා කියලා. නමුත් කවදාවත් අපට දෙපයින් නැඟී සිටින්න අවස්ථාවක් ලැබිලා නැහැ. අපේ රටේ අපේ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි කියන මතය තමයි අපි පක්ෂයක් හැටියට ඉන්නේ. ඉතින් මේ මේ තත්ත්වය යටතේ මේ රට බෙදන්න උත්සහ කරපු මේ රට කඩා බිඳ දමන්න උත්සාහ කරපු විවිධ පාර්ශ්වයන් මේ වන විට මුදල් පොම්ප කරමින් පවතිනවා. යුද්ධයකින් ජයග්‍රහණය කරන්න බැරි දේ කුමන්ත්‍රණයකින් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවය හැකියාව ඔවුන්ට පෙනී යන ඒ නිසා ඒ අය මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මම මේ රටේ ජනතාවගෙන් ආයාචනය කරන්න කැමතියි. ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ පාරට බහින්න.ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. නමුත් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරද්දී ඔබ ඒ සටන් කරනකොට ඔබත් එක්ක එකට හිටගන්න පුද්ගලයා කවුද කියන එක විමසිලිමත් දෑසින් බලන්න.ඒ පුද්ගලයාගේ පිටිපස්සේ ඉන්න බලවේග මොනවාද කියන එක හරියට අඳුනගන්න. ඒ දේ නොකලොත් මං හිතන්නේ රටක් ජාතියක් හැටියට ඉදිරියට යන්න බැරි වෙයි. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ රටේ තියෙන සල්ලි මේ කියන විදිහට කවුරුත් හොරකම් කරල නෑ. මේ රටේ තියෙන සල්ලි මේ රටේ තියෙන විදේශ විනිමය එහෙම කාටවත් හොරකම් කරන්න හැකියාවකුත් නැහැ. මේ විවිධ බොරු මතිමතාන්තර සමාජගත කරමින් මේ විනාස කාරී තත්ත්වයක් තුළ මේ රට නැවත අසමත් රාජ්‍යයක් කරලා ඒ තුළින් තමන්ගේ මෙතෙක් කල් දිනාගන්න බැරි වෙච්ච දේවල් දිනා ගන්න දරන උත්සාහයක් ද කියන එක ගැන ඔබගේ බුද්ධියෙන් විමසා බලන්න කියලා මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවගෙන්කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමතියි. යැයි සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය කිරීමට උත්සහා කල 47 දෙනෙකු අත්අඩංගුවට

Next Post

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

editor

editor

Next Post

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved