• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයක් කිසිසේත් අපේක්ෂා නොකරන බව – කංචන ජයරත්න පවසයි

11 January 2021
in දේශීය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයක් කිසිසේත් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විජය ශ්‍රී ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ අභියස පවත්වන ලද ආශිර්වාද හා අධිෂ්ඨාන පූජාව ඊයේ (09) දින මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පසු පළාත් සභා පිළිබද දුර්මත යම් පිරිසක් සමාජගත කිරීමට කටයුතු කිරීම පිළිබද අටමස්ථාන මහනාහිමිවරු දැනුම්වත් කිරීමේ අවස්ථාවේදිය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරන පළාත් 09 ම නියෝජනය කරමින් පළාත් සභා සභාපතිවරු, මන්ත්‍රිවරු, මන්ත්‍රීවරියන්, හිටපු සභාපතිවරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, කංචන ජයරත්න මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජන කරමින් පැමිණි එම පිරිස පළමුව අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වන උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය සද්ධර්ම ජාතික ධජ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නා හිමි බැහැදැක අනතුරුව අටමස්ථාන නායක ස්වාමිද්‍රයාණන් වහන්සේලා සියළු දෙනා ද බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, කොවිඩ් ව්‍යසනයෙන් ජනතාව අත්මුදවා ගැනීම පිළිබද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කරමින් කල්දමා ඇති පළාත් සභා ඡන්දය පිළිබද සමාජය නොමග යවනා දුර්මත සමාජගත කිරීම පිළිබද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදි .

එමෙන්ම පළාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබදව ද උන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් පෙන්වා දෙන ලද්දේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයක් තමන් ද කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.

මෙහිදී අටමස්ථාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පෙන්වා දෙන ලද්දේ පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය මගින් රට කරවන ජනාධිපතිවරයා ප්‍රමුඛ ලක් රජයට සහ රටවාසී සියළු දෙනා වෙනුවෙන් ආශිර්වාද පැතීමත්, කොවිඩ් රෝගය මෙරටින් තුරන් කර දැමීමත් අරමුණූ කොටගන අටමස්ථාන නායක මාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ජය ශ්‍රී මහා බෝධී පාද මූලයේ මෙවැනි අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම ඉතා අගයකොට සළකන බවයි.

එමෙන්ම මෙම කාල පරිච්ඡේදය තුල පළාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබදව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීමට කටයුතු කිරිම මගින්, ජයග්‍රහණ අත්කරගෙන ජනතාවට පළාත් සභා මගින් නැවතත් සමීප සේවාවක් සැපයීමට අවකාශ ලැබෙනු ඇති බවයි.

මෙම අවස්ථාවට අටමස්ථාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා, උතුරු මැද පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකොන් මහතා, දකුණු පළාත් පළාත් සභාවේ සභාපති කේ.ඒ සෝමවංශ, බස්නාහිර පළාත් සභාවේ සභංපති සුනිල් විජයරත්න, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි යන මහත්වරුන් ඇතුලු පළාත් සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ආසන්නයේ

Next Post

2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

editor

editor

Next Post

2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved