27 April 2024
#දේශීය

ස්වස්ථ වැඩසටහනින් ඖෂධ බෙදාහැරීමේ කඩිනම් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් අන්තර්ජාලය ඔස්සේ එකිනෙක සම්බන්ධ කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන ” ස්වස්ථ ” තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ පරිගණක හා උපාංග බෙදා දීමේ උත්සවය පසු ගිය දා කොළඹ නාරාහේන්පිට ලේ බැංකු ශ්රවණාගාරයේදී පැවැත්වුණි.

ඒ්, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 422 ක් සඳහා අවශ්‍ය පරිගණක යන්ත්ර හා එයට අදාළ උපාංග බෙදා දීම සංකේතාත්මක සිදු විය.

ඖෂධ ඇණවුම් කිරීම, නිකුත් කිරීම, ගබඩා කිරීම හා හදිසි අවස්ථාවවලදී රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීම විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙම තොරතුරු පද්ධතිය ස්ථාපනය කිරීමේදී අවශ්‍ය ජාල සම්බන්ධතා පහසුකම් සැපයීම හා දත්ත ගබඩා පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සිදුකරනු ඇත.

මෙම අවස්ථාව සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්ය සමන් රත්නායක, ලෝක බැංකු ශ්රී ලංකා ව්යාපෘති අධ්‍යක්ෂ වෛද්ය ජයසුන්දර බණ්ඩාර, අතිරේක ලේකම් වෛද්ය යූ. එස්. කේ. පනාපිටිය මහතා, පළාත් හා ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය. එම වැඩසටහනට ලංකාවේ සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු වෙත සූම් (Zoom) මෙවලම ඔස්සේ සජීව ලෙස සහභාගි වීමට ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් උදා කර දී තිබිණ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *